තාක්ෂණය සම්බන්ධයෙන් ලොව සැමදා ඇසෙන්නේ තාක්ෂණයෙන් සන්නද්ධ වූ නව ස්මාට්ෆෝන් ගැන මිස මිනිසාගේ පාර්ශ්වයට වාසි සහගත වන ඉහළ තාක්ෂණයේ අඩු මිල උපාංග ගැන නොවේ. එනිසා අතළොස්සක් වන එවන් ආරංචි මනුෂ්‍යයාගේ වැඩි අවධානය දිනාගනියි. මේ එවැන්නකි. සම්පූර්ණ යකඩ රාමුවකින් සහ නිමාවකින් හෙබි මෙම උපාංගය ඇඟිලි සලකුණු සංවේදකයකින්ද අන්තර්ගතය. එහි ඇති වැදගත්කම නම් එම අත්දැකීම ඔබට ඇමෙරිකානු ඩොලර් හැටක් වැනි මුදලකට අත්දැකීමට හැකි වීමය. එය සැබැවින්ම වෙළෙඳපොළ මනුෂ්‍යයා පාර්ශ්වයෙන් සිතන ලද අවස්ථාවකි.
සාමාන්‍ය මධ්‍යම පාන්තික ස්මාට්ෆෝනයක් ප්රමුඛ පෙළේ සන්නාමයක් හරහා ලබාගන්නේ නම් රුපියල් තිස්දහසකට ආසන්න මුදලක් වැයවෙයි. එනිසා නව සමාගමකින් එම වෙනස අත්විඳීමට ලැබීම වෙළෙඳ පොළ ආකර්ෂණය එකවර දිනාගත් අවස්ථාවකි. මෙම ස්මාට්ෆෝනය ශ්‍රී ලංකා මුදලින් ආසන්නවරුපියල් 8500ක් පමණ මිලවෙයි.
එම මුදලට අඟල් පහක තිරයක්, පසුපසින් පිහිටි ඇඟිලි සලකුණු සංවේදකයක්, තේමා අටක්, සම්පූර්ණ ලෝහමය වැස්මක්, මෙගා පික්සල් පහක කැමරාවක් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් දිවෙන ස්මාට්ෆෝනයක් ලැබෙනු ඇත.4G LTE තාක්ෂණයේ මඳකම හැරෙන්නට අන් කිසිදු අඩුපාඩුවක් උපාංගයට නැති අතර, මේ නිසා Blubooඉහළ ප්‍රසාදයක් දිනාගනු ඇත.