ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය කර්මාන්ත ශාලාවක් ඉන්දියාවේ ආරම්භ කිරීමට අවධානය යොමුකර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වෙයි.නොවැම්බර් මාසයේදී ඇපල් සමාගම ඉන්දීය රජයට සිය සැලසුම් පිළිබඳව දන්වා ඇති අතර එහිදී කර්මාන්ත ආරම්භ කිරීමේදී කුමන දිරිගැන්වීම් ලබාදෙන්නේදැයිද විමසා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්රමුඛ දැක්මක් වන්නේ ඉන්දියාවේ තාක්ෂණික නිෂ්පාදයන් වර්ධනය කිරිමයි.