ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් Digital Road Map වැඩසටහනට යටතේ රුහුණු කතරගම මහා දේවාලය සහ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට ලංකා බැංකුවේ BOC Flex ඇප් හරහා QR කේතය ස්කෑන් කරමින් ආධාර පිරිනැමීමේ පහසුකම් සලසා ඇත.
ඒ අනුව බැතිමතුන්ට මෙම ඩිජිටල් පිං කැටය හරහා තම පරිත්‍යාගයන් සිදු සිදුකිරීමට පුළුවන. මෙම ඩිජිටල් පිං කැටය හඳුන්වාදීම (14) වෙනිදා කිරිවෙහෙඅර රජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ වැඩම කර සිටි අතර සාමාන්‍යාධිකාරී,ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ ජයතිලකමහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
මොණරාගල සුමනසිරි ගුණතිලක
