ගල්ගමුව යාපහුව හා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසවල මේ දිනවල අලි මිනිස් ගැටුම උග්‍රව පවතී. එයට යම් විසඳුමක් ලෙස අඹන්පොළ අමණුගම තරුණයෙක් විසින් ජංගම යෙදුමක් නිර්මාණය කර තිබේ.එය" එලිෆන්ට් ජර්නි " නමින් නම් කර ඇත.
ඔහු නමින් ඒ. එච් .එම්. විනුර අබේරත්න (21) නම් වෙයි. ඔහු 2023 වර්ෂයේ ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උ.පෙල විභාගයට පෙනී සිට ඇත.
මෙම ජංගම යෙදවූම සක්‍රීය කරගෙන තිබෙන ජංගම දුරකථන හිමිකරුවන් වෙත කිලෝමීටර් පහක සීමාව තුළින් වල් අලියන් සිටී නම් ඒ බවට සංඥා ලැබෙයි.මෙම ජංගම යෙදවුම හරහා මෙම ජංගම යෙදවුම සක්රියායකුට ඒ බව ජංගම යෙදවූම හරහා දැනුම් දිය හැක .මේ නිසා අනාරක්ෂිතව සිදුවන මිනිස් මරණ අවම කර ගත හැකිවේ.
ජංගම යෙදවුමේ නිර්මාතෘ විනුර අබේරත්න ජංගම යෙදුම පිළිබඳ මෙසේ පැවසුවේය.
"අපේ ගම්මාන වල අලි මිනිස් ගැටුම උග්‍ර යි. හුඟක් වෙන්නේ අලි ඇවිත් ඉන්න බව නොදැන ගමන් වල යෙදුන පිරිස මේ ගැටලුවට මුහුණ දෙන එක හා නොදැන නිවෙස් වලින් එළියට ගොස් අලි ග්‍රහණයට හසුවීමයි. ඒකට හොඳම විසඳුම තමයි මේක .මේ ඇප් එක "එළිපන්ට් ජර්නි" ලෙසයි හඳුන්වන්නේ. ඕනෑම කෙනෙකුට මේ ඇප් එක තම ජංගම දුරකථනයට සම්බන්ධ කරගන්න පුළුවනි. "සංඝ" කියලා ඇතෙක් මේ ළඟ මැරුණා. එදා තමයි මම හිතුවේ මේකට විසඳුමක් ඕන කියල .කුරුණෑගල මගේ චමල් සේනාරත්න හා සිතිජ නෙත්සර කියන යාළුවො දෙන්නත් එක්ක තමයි මම මේවැඩේ කලේ....
2023 ජූනි මස පටන් ගත්තෙ .මුලින්ම හදපු එක සාර්ථක මදි වුණා. පස්සේ අවුරුද්දක් විතර දඟලලා තමයි මේ අලුත් ඇප් එක හැදුවේ. ඉතාම සාර්ථකයි. ඇප් ස්ටෝරි වලින් play story වලින් මේ ඇප් එක බාගත කරගන්න පුළුවනි පුළුවනි. ගෙවත්තට එන අලියෙක්ගේ කුමන තැනක හෝ ඉන්න අලියෙක් පිළිබඳ මේ ඇප් එක සක්‍රීය ඕනෑම අයෙකුට ඇප් එක හරහා ඒක දන්වන්න පුළුවනි.එවිට ඇප් එක සක්‍රීය හැම ජංගම දුරකථනයකටම මේ පණිවුඩය ලැබෙනවා.කිලෝමීටර් පහක ප්‍රදේශයකට මේ පණිවුඩය ලැබෙනවා. එවිට අලි ඉන්න බව දැනගෙන අපට කටයුතු කරන්න පුළුවනි.
වන අලි ගම් වැදීම,වන අලි මරණ මිනිස් මරණ, දේපල හානි ,මෙන්ම වගාහානි සහ වනජීවී අපරාධත් මේ මගින් වාර්තා කරන්න පුලුවනි.තවදුරටත් මේක සංවර්ධනය කරන්නත්, සංචාරක කර්මාන්තයට යොදා ගැනීමටත් ,සිදුවන අලි මිනිස් මරණ අවම කර ගැනීමටත් අපේක්ෂා කරනවා."
අඹන්පොල අවිශ්ක නිම්සර