චයිනා හාබර් සමාගම 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලය නිවේදන නිකුත් කරමින් පවසයි.
2015 ජනවාරි ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාබර් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදුන් බව සඳහන් කරමින් 'චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි' යන මැයෙන් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතපළ කළ වාර්තාවක් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙම මාධ්‍ය නිවේදන නිකුත් කර තිබේ.
මෙහිදී අදාළ පුවත්පත් වාර්තාව හරහා තමාගේ ‘සගයන්’ හා ‘මැතිවරණ ව්‍යාපාරයේ 'නියැළෙන්නන්ට’ එම මුදල් ලබා දී ඇතැයිද,‘ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය’ විසින් අදාළ චෙක්පත් අරලියගහ මන්දිරයට ගෙනගොස් දී ඇතැයිද එහි සඳහන් කර තිබුණත්, මේ මුදල් හරියටම ගත්තේ කවුද, දුන්නේ කවුද යන කාරණා සම්බන්ධයෙන් සිතාමතාම අපහැදිලි වදන් භාවිත කර ඇතැයිද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මීට අවුරුදු තුනකට පෙර 2015 ජූලි මාසයේදී රොයිටර් පුවත් සේවය විසින් පළ කරන ලද ප්‍රවෘත්තියක් පදනම් කරගෙන නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෙම ලිපිය පළකර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
මේ අතර, මෙම පුවත එකහෙළාම දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් අනුව සිදු කළ අනාවරණයක් සහ සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනි තොරතුරුවලින් සමන්විත වූවක් බව චීනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී/මාධ්‍ය ප්‍රකාශක ලුයුඕ චොන්ග් මහතා සඳහන් කරයි.
මෙහිදී තෙවැනි පාර්ශ්වයක් හරහා මෙවැනි බාධා කිරීම් එල්ල වුවද, තවදුරටත් ශ්‍රී ලංකාව සමගින් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත්, එහිදී දෙරටේම නායකයන් එළැඹ තිබෙන අතිශය වැදගත් සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම දෙරට විසින් සකසා ඇති ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ස්ථිර අවධානයක් යොමු කිරීමටද අදහස් කරන බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා, රොයිටර් වාර්තාව පළ වන විට අලුතෙන් බලයට පැමිණ සිටි යහපාලන ආණ්ඩුව ලංකාව තුළ චීන ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ සියලුම ව්‍යාපෘති අත්හිටුවා, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරතව සිටි චයිනා හාබර් සමාගම ඇතුළු ලංකාවේ ක්‍රියාත්මක වූ සියලුම චීන සමාගම්වල ලියවිලි සහ ගනුදෙනු විමර්ශනයට ලක්කරමින් සිටි බවත්, අවුරුදු එකහමාරක් පමණ විමර්ශනය කළද කිසිදු වැරදි ගනුදෙනුවක් සොයානොගත් වත්මන් ආණ්ඩුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත වතාවක් චයිනා හාබර් සමාගමට ලබාදුන් බවත් පවසයි.
වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු තබාගෙන සිටින ප්‍රධානම ව්‍යාපෘතිය කොළඹ වරාය ව්‍යාපෘතියයැයි වත්මන් අගමැතිවරයා පවසා තිබෙන බවත්, චයිනා හාබර් සමාගම විසින් තමාගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් යොදවා තිබුණේ නම් වත්මන් ආණ්ඩුවට කිසි දිනක වරාය නගර ව්‍යාපෘතිය නැවත නොලැබෙන බවත් පවසන මහින්ද රාජපක්ෂ මහතා, හම්බන්තොට වරාය බදු ගැනීමට ලංසු ඉදිරිපත් කිරීමටද ඉඩ නොලැබෙනු ඇති බව පෙන්වා දෙයි.
නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුණු‘ආණ්ඩුවේ විමර්ශනයකින්’ ලබාගත් බව සඳහන් කර තිබෙන බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැතැයි සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොඳින් දන්නා බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාසිය නිවේදනය මගින් වැඩිදුරටත් කරුණු දක්වා තිබුණේ මෙසේය."හම්බන්තොට වරායේ අදියර I සහ II හා තෙල් ටැංකි සංකීර්ණය යන සියල්ල ඉදි කිරීම සඳහා ගත් මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,322ක් පමණ වේ. මෙහි මුල් ඇ.ඩො. මිලියන 307 කලින් සහනදායී පොලියට ලබාගෙන, ඉන්පසු වසරකට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට වෙනස් කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කර ඇත.
ඔවුන් මෙයින් අදහස් කළේ ඒ අකාරයට පොලිය වෙනස් කිරීම පසුපස කුමක් හෝ අක්‍රමිකතාවක් තිබෙන බවයි. නමුත් එහිදී සැබැවින්ම සිදුවූයේ එම මුල් ණය මුදල ‘ලයිබෝ’ දර්ශයකට අමතරව තවත් 0.75%ක් යන පදනම යටතේ ලබාගෙන තිබීමත්, ඒ කාලයේදී ජාත්‍යන්තර බැංකු අතර ගනුදෙනු සිදු වන පොලී අනුපාතය වන ලයිබෝ දර්ශකය ශීඝ්‍රයෙන් ඉහළ ගොස්, එම මුල් ණය මුදලේ සැබෑ පොලී අනුපාතය 6.5% දක්වා වැඩිවීම හේතුවෙන් තවදුරටත් එය වැඩි වීම වැළැක්වීමට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට නැවත කතිකාකරගැනීමයි.
නමුත් හම්බන්තොට වරාය සඳහා ඉතිරි ඇ.ඩො. මිලියන 1,000 ගෙන ඇත්තේ 2%ක සහනදායී පොලියටය. මීට වඩා අඩු පොලියකට වෙනත් රටකින් ණය ගැනීමට තිබුණු බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කීවද, ව්‍යාපෘති ණය ගැනීමේදී සැලකිල්ලට ගනු ලබන එකම නිර්ණායකය වන්නේ පොලී අනුපාතය නොවේ. මෙවැනි ද්විපාර්ශ්වික ගනුදෙනුවලදී ණය ලබාදෙන රට විසින් කොන්ත්‍රාත්කරුවාද නිර්දේශ කරන අතර, කොන්ත්‍රාත්කරුවා ඉල්ලන මුදලද මෙහිදී සැලකිල්ලට ගතයුතු වේ. ඒ අනුව ලංකාවට වඩාත්ම වාසිදායක වූයේ චීනය සමග ඒ ගනුදෙනුව සිදු කිරීමයි.
‘රැම්බෝල්’ හා ‘එස්.එන්.සී ලාවලින්’ යන සමාගම් දෙකේම ශක්‍යතා අධ්‍යයනවල සඳහන් වූ ඇස්මේන්තුවලට වඩා අඩු මුදලකට හම්බන්තොට වරාය ඉදිකිරීමට අපට හැකි වූ බව මෙහිදී විශේෂයෙන්ම සැලකිය යුතුය.2012දී කොළඹ වරායට නැව් 3,667ක් පැමිණෙන විට හම්බන්තොට වරායට පැමිණියේ නැව් 32ක් නිසා එම වරාය අසාර්ථක ව්‍යාපෘතියක් යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත.
නමුත් හම්බන්තොට වරායට පැමිණෙන නැව් ගණන 2014 වනවිට 335 දක්වා වැඩිවී තිබුණු බව එම ලිපියේ සඳහන් කොට නැත. එමෙන්ම හම්බන්තොට වරාය 2014දී රුපියල් මිලියන 900ක හා 2015දී රුපියල් මිලියන 1,200ක ක්‍රියාන්විත ලාභයක් ලැබූ බවද පවසා නැත. වරායක් යනු ශතවර්ෂ ගණනාවක් පවතින ආයෝජනයක් වන අතර, 2011දී විවෘත කරනු ලැබූ වරායකට 2012 වනවිට ලාභ ඉපයිය නොහැකිය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත තවදුරටත් පවසා ඇත්තේ මේ වරාය ඉදි කිරීමට ගත් ණය ආපසු ගෙවීමට නොහැකි නිසා එය චීනයට 99 අවුරුදු බද්දකට ලබාදීමට වත්මන් ආණ්ඩුවට සිදු වූ බවයි.
හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් මුළු ණය හා 2036 වසර දක්වා ඒ සඳහා ගෙවීමට තිබෙන පොලිය යන සියල්ල එකතු කළ විට, ගෙවිය යුතු සමස්ත මුදල ඇ.ඩො. මිලියන 1,761ක් වේ. මින් ඇ.ඩො. මිලියන 500කට ආසන්න මුදලක් 2016 අවසන් වන විට ආපසු ගෙවා අවසන් වී තිබිණි. හම්බන්තොට වරාය සඳහා ගනු ලැබූ ණය ගෙවනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබන ලාභයෙන් වන නිසා ඒ ණය ගෙවීම ගැන කිසිදු ගැටලුවක් නොවීය. 2014 විගණකාධිපති වාර්තාවට අනුව සියලුම ණය හා බදු ගෙවීමෙන් පසුවත් වරාය අධිකාරිය 2014 වසරේදී රුපියල් මිලියන 8,800ක ලාභයක් ලබා තිබුණි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත නොදැන සිටියද, වරාය බදු දීමෙන් ලබාගත් ඇ.ඩො. මිලියන 1,120ක මුදල ආණ්ඩුව විසින් වරාය ඉදිකිරීමට ගත් ණය පියවීමට යෙදුවේ නැති බවත්, එය ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලැබූ බවත්, සියලුම ශ්‍රී ලාංකිකයෝ දනිති. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය තවමත් එලෙසම පවතී. හම්බන්තොට වරාය හා එය තුළ තිබෙන අක්කර 5,000ක කර්මාන්ත කලාපයත්, වරායෙන් පිට තවත් අක්කර 15,000කුත් චීනයට ලැබුණේ ලංකාව සිරවී සිටි ‘චීන ණය උගුල’ නිසා යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා සිටියද එවැනි කිසිදු චීන ණය උගුලක් නොතිබිණි.
හම්බන්තොට වරාය ලාභ ලබන තැනට එනතුරු එහි ණය ගෙවීමට වරාය අධිකාරිය ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කර තිබිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතර ඇ.ඩො. මිලියන 100ක ආදායමක් එන ආකාරයට කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තය දියුණු කිරීමද ඒ සැලසුමේ කොටසක් විය.
මගේ ආණ්ඩුව පරදින විට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තයට අවශ්‍ය දොඹකර යනාදිය සපයා අවුරුදු 40ක කාලයකට එය ක්‍රියාත්මක කිරීමට චයිනා හාබර් සමාගම හා චයිනා මර්චන්ට් සමාගම සමග අප ගිවිසුමක් අත්සන් කොට තිබිණි. හම්බන්තොට වරායේ සෙසු පර්යන්ත හා අක්කර 5,000ක කර්මාන්ත කලාපය වරාය අධිකාරියේ පාලනය යටතේ සිදු කිරීමට නියමිත විය. මුළු වරායම විදේශීය සමාගමකට අවුරුදු 99කට බදු දීමට අපට කිසිදු සැලසුමක් නොතිබිණි. එය සිදු වූයේ වත්මන් ආණ්ඩුව යටතේය. මෙහිදී වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ හම්බන්තොට වරාය චීනයට ලැබුණු බව කියමින් මැසිවිලි නගන බටහිර බලවතුන් විසින්ම බලයට ගෙන එනු ලැබූ ආණ්ඩුවක් විසින් චීනයට මේ වරාය ලබාදී තිබීමයි.
මම ජනාධිපතිව සිටි සමයේදී හම්බන්තොට වරාය හෝ වරායෙන් පිට ඉඩම් චීනයෙන් කිසිදාක බද්දට ඉල්ලුවේ නැත. හම්බන්තොට වරාය බදු ගන්නා මෙන් චීනයට යෝජනා කළේද වත්මන් ආණ්ඩුවයි. ඉන්දියාවට ඉතා ආසන්න භූමියක් දැන් චීනයේ පාලනයට යටත්වී තිබෙන නිසා මේ වරාය කුමක් සඳහා භාවිත කරාවිදැයි සිතමින් ඉන්දියාව කනස්සල්ලට පත්වී සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කොට ඇත. මගේ ආණ්ඩුව දිගටම බලයේ සිටියේ නම් මෙවැනි තත්ත්වයක් කිසිදාක උද්ගත වන්නේ නැත.
ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් හා ජාතික ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් මහතා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2016දී පළ කරන ලද ඔහුගේ මතක සටහන් වල ඉතා පැහැදිලිව පවසා ඇත්තේ මගේ ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ගැන ඉතා හොඳ ආවබෝධයක් තිබුණු බවත්, ඔහුගේ එම දෘෂ්ටිය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ උවමනාවන් සමග සම්පූර්ණයෙන්ම ගැළපුණ බවත්ය.
ගෝඨාභය ඉන්දියාවේ ආරක්‍ෂක උවමනාවන් ගැන සංවේදී වූ බවද, මාගේ ආණ්ඩුව විසින් ලංකාව චීනය සමග පවත්වාගෙන යන සම්බන්ධතාවගැන ඉන්දියාවට දෙනු ලැබූ සහතිකය 2014 මැයි මාසයේදී කොංග්‍රස් ආණ්ඩුව පරදින අවස්ථාව වනතෙක්ම ඉතා මැනවින් ආරක්‍ෂා කළ බවද මෙනන් මහතා සඳහන් කොට ඇත. චීනය වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ මම මේ රට පාලනය කරනු දැකීමට බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. 2015න් පසු සිදු වූ දේවල් නිසා ඉන්දියාවද මම මේ රට නැවතත් පාලනය කරනු දැකීමට වඩාත්ම කැමැත්තෙන් සිටින බවට සැකයක් නැතැයි මම සිතමි."(උපුටාගැනීම අවසන්)
එමෙන්මශ්‍රී ලංකාවේ මහජන චීන ජනරජයේ තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී/මාධ්‍ය ප්‍රකාශක ලුයුඕ චොන්ග් විසින් නිකුත් කරන ලදනිවේදනයේ මෙසේද දැක්වෙයි.
%පසුගිය ජුනි 25 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු නිව්යෝක් ටයිමිස් පුවත්පත තුළ සඳහන් පුවතක් සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ පාර්ශ්වයන් එම පුවත සම්බන්ධයෙන් පළ කර ඇති අදහස් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සිය අවධානය යොමු කර සිටියි. ඒ අනුව මෙම පුවත එකහෙළාම දේශපාලන පක්ෂග්‍රාහිත්වයක් අනුව සිදු කළ අනාවරණයක් සහ සම්පූර්ණයෙන්ම එකිනෙකට පටහැනි තොරතුරුවලින් සමන්විත වූවකි.
චීන රජය සැමවිටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව තානාපති කාර්යාලය ලෙස සඳහන් කිරීමට කැමැත්තෙමු. විශේෂයෙන්ම ස්වාධීනත්වය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව සඳහා චීනය සැමවිටම සහාය ලබාදුන් අතර, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා වෙනත් ඕනෑම රටකින් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් විරෝධතාව පළ කර ඇත. එහිදී රට තුළ පැවැති සිවිල් යුද්ධය නිමා කිරීමට සහ යුද්ධයෙන් පසුව රට යළි ගොඩනැගීම සඳහා වූ කටයුත්තේදී චීනය ලබාදුන් සුවිශාල උපකාරය සහ පරාර්ථකාමී සහයෝගිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය සමාජය ඉතා ඉහළින් අගය කරයි.
මෙහිදී තෙවැනි පාර්ශ්වයක් හරහා මෙවැනි බාධා කිරීම් එල්ල වුවද, තවදුරටත් ශ්‍රී ලංකාව සමගින් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටියි. එහිදී දෙරටේම නායකයන් එළැඹ තිබෙන අතිශය වැදගත් සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම දෙරට විසින් සකසා ඇති ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථිර අවධානයක් යොමු කිරීමටද අදහස් කරගෙන තිබේ. ඒ අතරතුරදීම %One Belt – One Road^ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක සහයෝගිතාවන් වෙනුවෙන් ඉදිරියටත් අනුබල ලබාදීමත් අදහස වී ඇත. එහිදී පුළුල් වූ උපදේශනය, ඒකාබද්ධ දායකත්වය සහ ප්‍රතිලාභ බෙදා ගැනීම යන %ස්වර්ණමය නීතිය^ අනුව යමින් එම වැඩපිළිවෙළ වෙත දායක වීම හරහා රාජ්‍යයන් දෙකටම මෙන්ම දෙරටේම ජනතාව වෙත වඩා හොඳ ප්‍රතිලාභ ලබාදීම අපගේ අරමුණයි.^