හෙට දිනයේ කාළගුණ අනාවැකිය මෙන්න
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය හෙට දිනයේදී (26) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් දන්වා සිටියි.
මේ හේතුවෙන්,බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද ඔවුන් දන්වා සිටියි.
සෙසු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද ඔවුන් තවදුරටත් දන්වා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමග තිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
