ශ්රී ලංකා ටෙස්ට් කණ්ඩායම නවසීලන්තයට යයි
පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (27දා) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය. ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග දෙකට අමතරව එක්දින තරග 03ක් හා විස්සයි20 තරග 03කින් මෙම තරගාවලිය සමත්විත වෙයි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම 02/27 දින අලුයම 12.40 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් පළමුවෙන්ම සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ . එතැන් සිට වෙනත් ගුවන් යානයකින් මෙම ශ්රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතය .
මේ අතර ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ 17දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය පසුගියදා එළිදැක්වූ අතර, ඊට නවක ක්රීඩක දෙපළක් වන නිශාන් මධුෂ්ක හා මිලාන් රත්නායක කැඳවා ඇත.
ශ්රී ලංක ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිශාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්රනාන්දු, විශ්ව ප්රනාන්දු, මිලාන් රත්නායක


















ඡායාරූප - ශ්රී ලංකා ක්රිකට් ෆේස්බුක් වෙබ් අඩවියෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

