ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට ලකුණු 200ක ජයක්
අයි.සී.සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (19) පුහුණු තරගයකට සහභාගී විය.
හරාරේ හී දී අමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති එම තරගයෙන් ශ්රී ලංකා ක්රීඩිකාවන් ලකුණු 200ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 326ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අමෙරිකාවට පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්රී ලංකාව ක්රීඩා කරන පළමු තරගය ලබන 23 වනදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

