රෝහිත රාජපක්ෂ ක්‍රිකට් පිටියට
ලබන 27 දා ආරම්භවීමට නියමිත අන්තර් ක්‍රිඩා සමාජ එක්දින තරගාවලිය සහභාගී වීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුතු මෙන්ම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බාල සහොදරයා වන රෝහිත රාජපක්ෂ මහතා කළුතර ක්‍රීඩා සමාජය හා එක්ව පුහුණුවීම් කරන බව වාර්තා වෙයි.
මෙම පුහුණුවීම් ඊයේ හා අද දිනයේදී පවත්වා ඇති අතර කළුතර නාගරික ක්‍රිඩා සමාජය තෝරා ගැනීම සඳහා සරේ විලේජ්හි පැවැති පුහුණු තරගයටද රෝහිත රාජපක්ෂ එක්ව තිබේ
රෝහිත රාජපක්ෂ රග්බි ක්‍රිඩකයෙක්ද වන අතර ඔහු සි.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියටද ක්‍රිඩා කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ සභාපති දිපාල් පෙරේරා මහතා පවසා ඇත්තේ රෝහිත රාජපක්ෂ මේ වන විටත් පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් ඔහු කණ්ඩායම වෙනුවෙන් ලිපාපදිංචි වී තරගාවලියට ක්‍රිඩා කරන්න බලාපොරොත්තු වන බවයි.
කෙළිමඩල
popular news
-
amila Wednesday, 20 October 2021 04:10 AM
Bappa Janadipathi, Thaththa Agamethi Aiya Kreeda emathi,Aparade Cricket gahanna Yanne, Handata yannai Thibune,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
