මානස් ලැබුෂේන් සංගක්කාරට ලංවෙයි
ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු මානස් ලැබුෂේන් සිය ටෙස්ට් පිතිකරණයේ උපරිම ප්‍රසාද ලකුනු මට්ටමට ලගා වී ඇත. ඒ සමස්ථ ටෙස්ට් ලකුණු 937 ක් හිමිකර ගනිමිනි.
බ.ඉ.කොදෙව් සමගින් පැවති ටෙස්ට් තරගාවලියේදී පිත්තෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ලැබුෂේන් එහිදී ඉනිම් 4 කදී ලකුනු 502 ක් රැස්කර ගත්තේ 167.33 තරම් විශාල සාමාන්‍යයක් සහිතවයි.
ඊට ශතක 3 ක්ද අන්තර්ගත වූ අතර එයින් එකක් ද්විත්ව ශතකයකි. මේ අනුව ඔහු ලැබුෂේන් මේ වනවිට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ හිමිකරගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 937 ක් හිමිකරගෙනයි.
කෙසේ වෙතත් එදාමෙදා තුර පිතිකරුවෙකු හිමිකරගත් උපරිම ප්‍රසාද ලකුනු ලැයිස්තුවේ ලැබුෂේන්ට හිමිවී ඇත්තේ 12 වැනි ස්ථානයයි. එහි 8 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර රැඳී සිටින්නේ ප්‍රසාද ලකුනු 938 ක් හිමිකරගෙනයි.
ඒ අනුව ලැබුෂේන්ට සංගක්කාර අබිබවීමට නම් තවත් ලබාගත යුත්තේ ප්‍රසාද ලකුනු දෙකක් පමණි.
ලැබුෂේන් මේවන විට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ටෙස්ට් දිවියේ උපරිම ප්‍රසාද ලකුණු මට්ටම සමකොට ඇති අතර එය ඉන්දීය පිතිකරුවෙකු ලැබූ ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණය (937) වේ.
කෝලි මෙම ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ පසුවේ. මෙහි ප්‍රසාද ලකුණු 937 හි ලැබුෂේන් හා කෝලි යන දෙදෙනාමත්, ප්‍රසාද ලකුණු 938 හි කොදෙව් දේශයේ ගැරී සෝබර්ස්, විවියන් රිචඩ්ස්, ක්ලයිඩ් වොල්කොට් හා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර යන සිව්දෙනාමත් රැඳී සිටිති.
මේ අතර වත්මන් ටෙස්ට් පිතිකරුවන් අතර ස්ථාන දෙකක් අබිබවා දෙවැනි ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු අනෙක් සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත් සමත්වී ඇත. නමුත් ඔහු ලබා සිටින්නේ තවමත් ප්‍රසාද ලකුණු 875 ක් පමණි. ඒ සමගින් දෙවැනි ස්ථානයේ සිටි පාකිස්ථානයේ බාබර් අසාම් මෙහි තෙවැනි ස්ථානය දක්වා පල්ලම් බැස ඇත.

සංගක්කාර

ලබුෂේන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
