ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 07කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත්ව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක තවදුරටත් 06 වැනි ස්ථානයේ පසුවන්නේය.
මේ අතර මෙම ශ්‍රේණිගත කිරීම් හී 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 13කින් ඉදිරියට පැමිණීමට ජනිත් ලියනගේ සමත්ව තිබේ.
මේ අතර එක්දින පන්දු යවන්නන් අතර 31 වැනි ස්ථානය දක්වා ස්ථාන 06කින් ඉදිරියට පැමිණීමට අසිත ප්‍රනාන්දු සමත්ව තිබේ.
මීට අමතරව ඩිල්ෂාන් මධුසංක 52 වැනි ස්ථානය දක්වා ස්ථාන 08කින් ඉදිරියට පැමිණීමටද සමත්ව තිබේ.