ආසියානු කුසලාන තරවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව පාකිස්තාන ක්රීඩකයන්ට අතට අත දීම ප්රතික්ෂේප කළ බව පාකිස්තාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.
ඩුබායි හි පැවති මෙම තරගයෙන් ඉන්දියාව කඩුලු හතක ජයග්රහණයක් අත්කර ගත් අතර, පසුව ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩූබේ තරගය ජයග්රහණය කළ විගසම පාකිස්තාන ක්රීඩකයන්ට අතට අත නොදී ඉක්මනින්ම පිටියෙන් ඉවත් විය.
පසුව, පාකිස්තාන ක්රීඩකයින් ඉන්දීය ක්රීඩකයන් රැදී සිට ඩග්අවුට් දෙසට ඇවිද යන බවක් පෙනෙන්නට තිබුණත් ඉන්දීය ක්රීඩකයින් ඒ වන විටත් ක්රීඩකාගාරයට ආපසු ගොස් තිබුණි.
කාසියේ වාසිය ලබා ගැනීමේන් අනතුරුවත් සූර්යකුමාර් සහ පාකිස්තාන නායක සල්මන් ආගා අතර අතට අත දීමක් සිදු නොවීය. "පැහැදිලිවම, තරගය අවසානයේ අපි අතට අත දීමට සූදානම්ව සිටියා," නවසීලන්ත ජාතිකයෙක් වන හෙසන් පැවසීය.
