සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක දුනිත් වෙල්ලාලගේ 09/19 දින උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු අබුඩාබි නුවර සිට 09/19 දින උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
ඔහු සමග ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධනිලධාරියෙකු ද පැමිණ සිටි අතර , වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔහු කටුනායක ගුවන් තොටුපොළෙන් කඩිනමින් පිට වී ගියේය .
ඊයේ ශ්රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයට දුනිත් ක්රීඩා කරමින් සිටියේදී ඔහුගේ පියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.
