ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්රි ලංකා කණ්ඩායම කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ට ලකුණු 149ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කරමින් තරගය ජයග්රහණය කළේය. සුපුරුදු පරිදි මෙම තරගයේදීත් ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 44කදී හතරේ පහර හයක් හා හයේ පහර දෙකක් සමගින් ලකුණු 68ක් රැස් කළේය.ඒ අනුව තරගයේ වීරයා ලෙසද ඔහු සම්මාන ලැබීය.
තවමත් අයි.සී.සී. පූර්ණ සාමාජික නොවන රටක් වන හොංකොං කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස ශ්රී ලංකා හිටපු ක්රීඩක කෞෂාල් සිල්වා කටයුතු කරනු ලබයි.මෙම තරගයේදී ශ්රී ලංකාවට දැවැන්ත අභියෝගයක් වන්නට හොංකොං කණ්ඩායම සමත්වීම කැපී පෙනෙයි.

