ක්‍රොඒෂියාව අවසන් තරගයට
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.
ඒ ඊයේ (11දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.
ක්‍රොඒෂියාව මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වූයේ පස්වැනි අවස්ථාවටය. තරගයේ 5 වැනි විනාඩියේදී එංගලන්ත ක්‍රීඩක ට්‍රිපර් ගෝලයක් වාර්තා කරමින් පෙරමුණ ගත්තත් දෙවැනි අර්ධයේ 68 වැනි විනාඩියේදී පෙරිසික් ක්‍රොඒෂියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් තරගය සමකළේය.
ඉන් අනතුරුව අතිරේක කාලයේදී එනම් 109 වැනි විනාඩියේදී මැන්ඩ්සුකික් වාර්තා කළ ගෝලය හේතුවෙන් එංගලන්තයට තරගයේ පරාජය බාර ගැනීමට සිදුවිය.

ඉරිදා පැවැත්වෙන අවසන් තරගය ක්‍රොඒෂියාව හා ප්‍රංශය අතර පැවැත්වෙන අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් බෙල්ජියම හා එංගලන්තය සෙනසුරාදා තරග කරනු ඇත.
popular news
-
Champa Thursday, 12 July 2018 08:05 AM
Yeah, I love this. France vs. Croatia. England was just lucky. They had all easy teams. That is how they came this far. I guess France will win the Cup.
Reply : 3 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

