ඔලිම්පික් නැවත කල්දැම්මොත් තරගාවලිය අවලංගුයි - ජපානය
කොරෝනා නිසා කල් දැමූ ඔලිම්පික් තරගාවලිය 2021 දී පැවැත්වීමට නොහැකි වුවහොත් එය “අවලංගු” වන බව ජපාන ක්‍රීඩා ප්‍රධානී යොෂිරෝ මෝරි පවසයි.
මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් 2021 දක්වා කල් දැමී අතර එය එම වසරේ ජූලි 23 සිට සිට අගෝස්තු 8 දා තෙක් පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් එම ඔලිම්පික් තරගාවලිය 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය ලෙසම නම් කිරීමට නියමිතය.
කොවිඩ් -19 වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා එන්නතක් හෝ ඖෂධයක් නොමැතිව ලබන ගිම්හානයේදී ක්‍රීඩා උළෙල පැවැත්විය හැකිද යන්න පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින් සැක පහළ කර තිබේ.
එසේ වුවහොත් තරගාවලිය යළිත් කල්දමනවාද යනුවෙන් විමසා සිටි විට මෝරි පිළිතුරු පවසා ඇත්තේ “නැත” යනුවෙනි.
“එවැනි අවස්ථාවකදී ඔලිම්පික් උළෙල අහෝසි වනු ඇති.” යැයි ඔහු පැවැසීය.
“මෙම ඔලිම්පික් උළෙල අතීතයේ පැවති ඕනෑම ඔලිම්පික් උළෙලකට වඩා බොහෝ සෙයින් වටිනවා.
අපි මෙය විශ්වාස කළ යුතුයි. එසේ නොවුවහොත් අපගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ප්‍රතිඵල නොලැබේ."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

