ඔලිම්පික් තරගාවලියට එන විදෙස් ක්රීඩකයන් පරීක්ෂණයට
2021 වසරේ ජපානයෙ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියට එක්වීම සඳහා පැමිණෙන සියලුම විදේශීය ක්රීඩක ක්රීඩිකාවන් පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බව ජපාන ඔලිම්පික් කමිටු සාමාජිකයෝ පවසති.
ජපාන නොවන ක්රීඩක ක්රීඩිකාවන්ට ජපානය බලා පිටත්ව යාමට පැය 72 ක් ඇතුළත තම රටේ හෝ කලාපයේ පරීක්ෂණ පැවැත්විය යුතු අතර ඔවුන් ජපානයට පැමිණි පසු නැවත පරීක්ෂා කරනු ලැබේ.
2021 ජූලි මස මුල සිට, ජපානයේ වෙසෙන ජපන් සහභාගීවන්නන් ඇතුළු සියලුම ක්රීඩක ක්රීඩිකාවන් පූර්ව ක්රීඩා පුහුණු කඳවුර, ඔලිම්පික් ගම්මානය සහ තරඟ ස්ථානවලට ඇතුළු වීමට පෙර පරීක්ෂා කරනු ලැබේ.
ක්රීඩක ක්රීඩිකාවන් සමඟ ශාරීරික සම්බන්ධතා පැවැත්වීමට අපේක්ෂා කරන අයටද පරීක්ෂණ පැවැත්වෙනු ඇත.
සැළසුම් කර ඇති ක්රියාමාර්ගවලින් හෙළි වූයේ ක්රීඩකයන්ට පොදු ප්රවාහනය භාවිත කිරීමට අවස්ථාවක් නොමැති අතර දේශීය පුරවැසියන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින ලෙසත් දැනුම් දීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

