එකම කණ්ඩායමක්වත් මිලදී නොගත් චන්දිමාල් පෙරමුණේ
ලංකා ප්‍රිමියර් ලීග දෙවැනි අදියරේදී ක්‍රීඩකයක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු අලෙවි නොවීම කාගේත් අවධානයට ලක්වූ සිදුවීමක් විය.
ඒ අතර හිටපු නායකයෙක් වූ දිනේෂ් චන්දිමාල්ද විය. කෙසේ වෙතත් මේ වෙනුවෙන් එල්ල වූ විවේචන හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විසින් එසේ අලෙවි නොවූ ක්‍රිඩකයන් 10 දෙනෙක් නැවත වරක් කණ්ඩායම් වෙත ලබාගන්නා ලෙස සඳහන් කළේය.
ඒ අනුව කොළඹ ස්ටාර්ස් කණ්ඩායම දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් තම කණ්ඩායම වෙත ලබාගත්තේය. තරගාවලියේ මෙ දක්වා ක්‍රීඩා කර අවසන් වූ තරග 13දී තරග 5කට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 181ක් රැස්කරමින් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවෙයි.
ඔහු අර්ධ ශතකයක්ද රැස්කළ අතර පන්දුවට පහරදිමේ වේගය 154.74ක් ලෙස දැක්වෙන අතර පිතිකරණ සාමාන්‍ය 60.33කි. මේ දක්වා ඔහු හයේ පහර 08ක් හා හතරේ පහර 15ක් එල්ල කර තිබේ.
මේ අතර ඉනිමක වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස පෙරමුණේ පසුවන්නේ කොළඹ කණ්ඩායම විසින් තම කණ්ඩායමට ලබාගත් ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු ඊයේ ගාල්ලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 73ක් රැස් කළේය.
ඇන්ජලෝ මැතිව්ස්ද වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයෙක් වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

