අවිශ්කට සහ හෂාන්ට ප්‍රධාන පුහුණුකරුවන්ගේ වගකීම්
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. එළඹෙන ලෝක කුසලාන තරගාවලීන් ඉලක්ක කොටගනිමින් මෙම පුහුණුකරුවන් නම් කර ඇත.
කාන්තා කණ්ඩායමේ පුහුණුකරුවන්
හෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු)
රවීන්ද්‍ර පුෂ්පකුමාර ( වේගපන්දු )
ලංකා ද සිල්වා (පන්දු රැකීම )
දිනුක් හෙට්ටිආරච්චි (දගපන්දු )
19න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවන්
අවිශ්ක ගුණවර්ධන (ප්‍රධාන පුහුණුකරු)
ධම්මික සුදර්ශන (පිතිකරණ)
උපුල් චන්දන ( පන්දු රැකීම )
චමිල ගමගේ (වේගපන්දු)
සචිත් පතිරණ (දගපන්දු )
කාන්තා ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග වටය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු සැප්තැම්බර් මස 9වනදා ආරම්භ කිරීමට නියමිතය. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු කදවුර වෙනුවෙන් ක්‍රීඩිකාවන් 23දෙනෙකු පමණ එක්වීමට නියමිතය.
වයස අවුරුදු 19න් පහළ සංචිතය වෙනුවෙන්ද පුහුණු කදවුරක් පැවැත්වීමට සැලසුම් කොට ඇත්තේ ඉදිරි සංචාර, ආසියානු කුසලානය හා ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අවශ්‍ය පුහුණුවීම් සිදුකිරීම වෙනුවෙනි. ක්‍රීඩකයන් 26 දෙනෙකුගෙන් සමන්විත යොවුන් සංචිතය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පුහුණු කදවුරට එක්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

