අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද(07දා) සමත් විය.
තරගයේ ජයග්‍රාහී ලකුණු 65ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්රේලියෙනු කණ්ඩායම පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 69ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 334ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 511ක් රැස් කළේය.
අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස් කළ අතර, ඒ අනුව ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 65ක ඉලක්කයක් ලැබිණ.
මෙම තරගය ජයග්‍රහණය කිරීමත් සමග තරග 2ට බිංදුවක් ලෙස ඔස්ට්‍රේලියාව තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.