ආසියානු කුසලාන ක්‍රිකට් තරග විකාශය ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාවට ලබාදී තිබෙන්නේ එම තරගාවලිය පවත්වන රට විසින් බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (23දා) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ටී.එන්.එල්. නාළිකාව මුළු රටටම නොපෙනෙන නමුත් ආසියානු ක්‍රිකට් තරග විකාශය එම නාළිකාවට බාරදී ඇති බවත්, නමුත් සී.එස්.එන් නාළිකාවට චෝදනා කරන බවත් පවසමින් පා.ම. විමල් වීරවංශ මහතා මතුකළ පැනයකට පිළිතුරු දෙමින් සුමතිපාල මහතා මේ බව පැවසීය.