බංග්ලාදේශ කණ්ඩාම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (04දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි ආරම්භවිමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ඒ ආබාධයකට ලක්ව ඇති ඇන්ජලෝ මැතිව්ස් තවමත් එයින් සුවය ලබා නොමැති හෙයිනි.
දීර්ඝ කාලයකින් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියෙන් පසුව නැවතත් ක්‍රිකට් පිටියට පිවිසි ලසිත් මාලිංගද මෙම සංචිතයට නම් කර තිබේ.
ආබාධයකට ලක්ව ඇති කුසල් ජනිත් පෙරේරාද සංචිතයට නම් කර ඇතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තරාගාවලියට ක්‍රීඩා කරනු ඇති බවත් එසේ නොවන්නේ නම් සඳුන් වීරක්කොඩි කුසල් වෙනුවට කණ්ඩායමට කැඳවන බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
විස්සයි20 සංචිතය
උපුල් තරංග - නායක, ලසිත් මාලිංග, ණුවන් කුලසේකර, ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා (සඳුන් වීරක්කොඩි), ඉසුරු උදාන, දසුන් ශානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය