ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2016 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් කෝටි 200ක මූල්‍ය අතිරික්තයක් වාර්තා කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සඳහන් කරයි.
2016 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනය වඩාත් විනිවිදභාවයකින් හා ගිණුම් කටයුතුභාවයකින් පවත්වාගෙන යෑම හේතුවෙන් මෙම අතිරික්තය වාර්තා කිරීමට හැකිවූ බවද ක්‍රිකට් ආයතනය පවසයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වාර්තාවල පිටපතක් අද (08දා) ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ලබාදීමටත් නියමිතය.