IPL අඩුම ලකුණු කෝලිගේ කණ්ඩායමෙන්
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමිට විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායමට සිදුවිය. තරගාවලියේ 27 වැනි තරගයෙ ලෙසින් ඊයේ (23දා) කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැති තරගයේදී බැංගලෝර් කණ්ඩායම ලකුණු 49ට දැවී ගියේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 131ක් රැස්කළේය. එහිදී සුනිල් නාරායන් ලකුණු 34ක් රැස්කළ අතර එය කොල්කටා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. සුනිල් නාරායන් මෙහිදී ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසියේය.
ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බැංගලොර් කණ්ඩායමට පන්දුවාර 9.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 49ක් පමණි. කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකි වූ අතර ක්‍රීඩකයන් තිදෙනෙකුම ලකුණු නොලබා දැවී ගිය අතර කෝලිද ලකුණු නොලබාම පිටියෙන් ඉවත්විය.
කොල්කටා කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් වොක්ස්, නේතන් කොට්ලර් නයිල් හා කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් කඩුලු තුන බැගින් දවාගත්හ.
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී කණ්ඩායම් දෙකේම කඩුලු සියල්ල දැවී ගිය දෙවැනි අවස්ථාව මෙය වෙයි. තරගයේ වීරයා ලෙස නේතන් කොට්ලර් නයිල් සම්මාන ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

