අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි රැස්වීම් සඳහා මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා එක්වෙන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී රැස්විමෙන් අනතුරුව මෙම තිරණය ගත්බව ඇමතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි අණාවරණය කළේය.
මීට ඉහතදී අයි.සී.සී. ප්‍රධාන විධායක නිලධාරී රැස්වීම් සඳහා එක්වූයේ ලේකම්වරයා වන අතර මින් ඉදිරියට ඒ සඳහා එක්වෙන්නේ ප්‍රධාන විධායක නිලධාරීවරයායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිලෙස ඈශ්ලිද සිල්වා මහතා කටයුතු කරයි.