අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව සඳහා වසර තුනක කාලයකට ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන එක් ක ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
ඔහුට අමතරව ඉන්දීය හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ්ද මෙ කමිටුව සඳහා නම් කර තිබේ. මහේල හා ඩ්‍රාවිඩ් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් නියෝජනය කිරීම සඳහා නම් කර තිබේ.
මේ අතර ශ්‍රි ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ ගණයේ තරග තීරකයෙකු වෙන රංජන් මඩුගල්ගේද මෙම කමිටුව නියෝජනය කිරීමට නම් කර තිබේ.
කමිටුවේ කාලසීමාව වසර තුනක් වන අතර එහි සභාපතිවශයෙන් ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ නම්කර තිබේ.