ෆොක්ස් හිල් රිදී ජුබිලි තරගාවයේ මෝටර් රථ ඉසව්වන්ගේ තරගයට පෙර පැවැත්වෙන කාල ගණනය කිරීමේ ඉසව්වන්ගේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් සුපර් කාර් (එස්.එල්.ජී.ටී සි.ධා. 3500 ට වැඩි) ඉසව්වේ හොඳම කාළය වාර්තා කිරීමට අශාන් සිල්වා සමත් වී ඇත. කළකට පසු දේශීය තරග බිමේ දස්කම් දක්වන අශාන් මිනිත්තු 40.445 කින් තරග වටය නිමා කරමින් මෙහිදී හොඳම කාළය වාර්තා කිරීමට සමත් වූ අතර, එහි දෙවැනි හොඳම කාළ ගණනය කිරීම වාර්තා කිරීමට තත්පර 41.202 කින් තරග වටය නිමා කළ සජාඩ් සුහායිර් සමත් විය.මෙම කාළ ගණනය අද (21) පැවැත්විණි
මේ අතර ෆොක්ස්හිල් තරගාවලියේ පසුගිය වසරේ මේ අංශයේ ශූරතාව දිනා ගත් පසිඳු පීරිස් මෙහි තෙවැනි ස්ථානය දිනා ගත්තේ තත්පර 41.473 කින් තරගය නිමා කරමිනි.
තරගාලියේ මෝටර් රථ ශූරතාව තෝරා ගන්නේ මෙම සුපර් කාර් ඉසව්වේ ජයග්රහණය අනුවය.
තරගාවලිය හෙට (22) පැවැත්වේ.