ෆියුරිගේ කැමත්ත ඇත්නම් තමාද ඕනෑම වේලාවක සටනට සූදානම් බව ඇමරිකානු හෙවිවේට් බොක්සිං ශූර ඩියොන්ටරි විල්ඩර් පවසයි. පසුගියදා යුක්රේනයේ ව්ලැදිමිර් ක්ලිට්ෂෝ පරාජය කිරීමෙන් අනතුරුව ෆියුරි තමාට කළ අභියෝගයට ප්‍රති උත්තර බඳිමින් හෙතෙම මේ බව මාධ්‍යයට පවසා ඇත.
මේ වනවිට ලෝක බොක්සිං කවුන්සිල (ඩබ්.බී.සී.) ලෝක ශූරතාවද හොබවන විල්ඩර් මෙහිදී වැඩිදුරටත් පවසන්නේ තමාට අනෙක් සියලුම හෙවිවේට් බොක්සිං ශූරතා එක්සේසත් කිරීමට අවශ්යෙ බවයි. කෙසේ නමුත් ෆියුරි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ ලොව අංක එකේ හෙවිවේට් ශූර ක්ලිට්ෂෝ පරාජය කළ තමාට විල්ඩර් අභියෝගයක් නොවන බවයි.