ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනවාද යන්න පිළිබඳව අවසන් තීරණය අද (21දා) දැනුම්දීමට නියමිතය.
ෆැබ්රේස් මහතා මේවනවිට එංගලන්තයේ සිටින අතර, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අද (21දා) දිවයිනට පැමිණීමට නියමිතය.හෙට පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර වාර්තා සඳහන් කළේය.
එංගලන්ත මාධ්‍ය පසුගියදා (18දා) සඳහන් කළේ එරට ක්‍රිකට් මණ්ඩලය විසින් එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් ෆාබ්‍රේස් මහතා තෝරාගෙන ඇති බවයි.