විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ආබාධයකින් පසු වන්නේ දැයි කළ විමසුමකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ජෙරොම් ජයරත්න මහතා පැවසුවේ ඔහු ඉතාමත්ම හොඳ තත්ත්වයෙන් සිටින බවයි.
හේරත් එංගලන්තයට එරෙහිව තරගයට සූදානමින් සිටින බද ඔහු සඳහන් කළේය. රංගන හේරත්, කොදෙව් පිලට එරෙහිව බැංගලෝර්හි පැවැති තරගයෙන් පසුව ආබාධයකට ලක්ව සිටින බවට ආංචියක් පැතිර ගියේය. 38 හැවිරිදි හේරත් දකුණු පාදයේ ආබාධයක් තිබියදී ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ බව ද දැනගන්නට තිබේ.