ඉන්දු- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ඇගිල්ලේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් ගේ ඇගිල්ලෙහි ආබාධය බරපතල නොවන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය පැවසුවේ ඔහුගේ ඇගිල්ල ඉදිමීමකට ලක් වී ඇති මුත් අස්ථිබිඳීමක් සිදුවී නොමැති බවයි.
හේරත් අද තරගයේ පන්දු රැකීමට නෑ
සංචාරක ඉන්දියාව සමග පැවැත්වන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී පන්දුව ඇගිල්ලේ වැදීමෙන් ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් අද (29) සිව්වැනි දිනය ආරම්භයේදී තරගයේ පන්දු රැකීමට සහභාගි නොවීය. කෙසේවෛතත් ඔහුගේ තත්වය පිලිබඳ ඉදිරියේදී දැනුම් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
හේරත් වෙනුවට අද තරගයේදී ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයේ ක්‍රීඩක, ගාල්ල ශාන්ත ඇලෝශියස් විදුහලේ අශේන් බණ්ඩාර පන්දු රැකීමට සහභාගි විය.