ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මෙන්ම, එම සම්මේලනයේ වත්මන් මූල්‍ය කමිටු සභාපති හා මාධ්‍ය කමිටුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන රංජිත් රොද්‍රිගෝ මහතා ආසියානු පාපන්දු සම්මේනයේ විගණන කමිටුවට පත්කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අද (08දා) නිවේදනය කළේය.
සාමාජික රටවල් 47 කින් සැදුම්ලත් දැවැන්ත සම්මේලනයක් වන ආසියානු පාපන්දු සම්මේලනයේ විගණන කමිටුව සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඒ අනුව රොද්‍රිගෝ මහතා ඒ අයගෙන් එක් අයෙකි. මෙම පත්කිරීම සිවු වසරක් දක්වා (2015/19) දක්වා බලපැවැත්වෙන අතර, ඒ අනුව විගණන කමිටු සාමාජකයෙකු ලෙස රොද්‍රිගෝ මහතා 2019 වසර දක්වා කටයුතු කරනු ඇත.
මේ වනවිට දකුණු ආසියානු පාපන්දු සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන රොද්‍රිගෝ මහතා, ලෝක පාපන්දු සම්මේලනයේ මෙන්ම ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධන කමිටුවේ සාමාජිකයෙකු ලෙසද මීට පෙරද කටයුතු කර ඇත.