රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහභාගිවීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබා දෙන රග්බි ලෝක කුසලානය හැරී කුමරු විසින් පිරිනැමීමට නියමිතය.
එළඹෙන 31 වැනිදා එංගලන්තයේ ට්විකෙන්හැම් පිටියේදී නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය එංගලන්ත රග්බි සම්මේලනය පෙරේදා (27දා) ස්ථිර කළේය.
රග්බි ලෝලියෙකු වන 31 හැවිරිදි හැරී කුමරු, වත්මන් එංගලන්ත රග්බි පාපන්දු සම්මේලනයේ සභාපතිද වේ.