හෆීස්ගේ පන්දු යැවීම ඉරියව්ව නිවැරදිවෙයි
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) මගින් තහවුරු කොට ඇත. ඒ ඔහුගේ ඉරියව්ව පසුගිය අප්‍රේල් 09 වැනිදා නැවතත් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.ඒ අනුව හෆීස්ට ඉදිරියේදී නැවත අන්තර්ජාතික ක්‍රිකට් තරගයන්හිදී පන්දු යැවීමේ හැකියාව ලැබෙනු ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී නවසීලන්තය සමගින් පැවති තරගාවලිය අතරතුරදී හෆීස්ගේ ඉරියව්ව පිළිබඳ මුල්වරට සැක මතුවූ අතර ඒ අනුව ඔහුට පරීක්ෂණ අවසන් වන තෙක් අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීම අත්හිටුවිණි. කෙසේ නමුත් වළලුකර ආබාධයක් හේතුවෙන් හෆීස්ට පළමු නිල පරීක්ෂණය අහිමි විය. නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.සී.සී. යෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඔහුගේ පන්දු යැවීම නැවතත් පරීක්ෂාවට ලක්කෙරිණි.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වූ හෆීස් මේ දිනවල පාකිස්තාන කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයට නැවතත් කණ්ඩායම හා එක්වී සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
