ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්, පාකිස්තානයේ සහීඩ් අජ්මාල් හා ඉන්දියාවේ හර්බජන් සිං පන්දු දමාගසන්නන්ගේ ප්‍රධාන භූමිකාවන් වූ බවට හිටපු ඔස්ට්‍රේලියානු ජාතික විනිසුරු ඩැරල් හෙයා කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් හර්බජන් සිං අනතුරු ඇගවීමක් කර තිබේ.
ඔහු පවසන්නේ හෙයා නැවත වරක් එවැනි ආකරයක ප්‍රකාශයක් සිදුකළහොත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
"ඩැරල් හෙයාගේ විකාර ගැන කියන්න මට වෙලාවක් නෑ. එයා කවුද? එයා අයි.සි.සී. එකටත් වඩා ලොකුයිද? ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් මගේ ජයග්‍රහණවලට හානි කරන්න ඔහු කටයුතු කරනවානම් මම ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට කතා කරලා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා." යැයි ඔහු පවසයි.