ලෝක ඉතිහාසයේ වැඩිම පිරිසක් හකා නර්තනයේ යෙදීමේ වාර්තාව නැවතත් අළුත් කිරීමට නවසිලන්තය සමත් වි ඇත. ඒ නවසීලන්තයේ රොටෝරුවා ප්‍රදේශයට රැස්වූ 7700 ක පිරිසක් එකවර හකා නර්තනයේ යෙදීම නිසාය.
මෙය මීට පෙර ප්‍රංශයේ දී 4100 ක පිරිසක් එකවර හකා නර්තනයේ යෙදීමෙන් පිහිටුවා තිබූ වාර්තාව අළුත් කිරිමකි.
මේ සඳහා පිරිමින් , කාන්තාවන් මෙන්ම කුඩා ළමුන්ද එක්වී ඇත.
නවසීලන්ත මඔරි ගෝත්‍රිකයන්ට ආවේණික යුධ නැටුමක් වූ මෙම චාරිත්රාංගය මේ වන විට නවසීලන්ත මෙන්ම ඔස්ට්‍රේලියානු මහද්වීපයේ රග්බි කණ්ඩායම් කිහිපයක් විසින්ම තරගයකට පෙර තම කණ්ඩායමේ අබිමානය විදහා දැක්වීම සඳහා යොදා ගනු ලබයි
නවසීලන්ත රග්බි කණ්ඩායම හකා නර්තනයේ යෛදෙමින්