සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න පවතින බවත්, මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට විශාල ණයක් ගෙවීමට සිදුව ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ඔහු මේ බව පැවසුවේ, පසුගිය සෙනසුරාදා (31දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකෙරෙන ගෘහස්ථ ක්‍රීඩාගාරය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවේදීය.එසේම ක්‍රිකට් ආයතනයට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශනය කර ඉදිරියේදී රටට සත්‍ය හෙළිකරන බවත් ඔහු සඳහන් කළේය.
“ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව පිළිබඳව මාධ්‍ය මගින් නිතර නිතර මගෙන් අහනවා. මේක මටත්, සිදත් වෙත්තමුණි මහතාටත් විශාල කරදරයක් බවට පත්වෙලා තිබුණා. මිනිසුන්ට චෝදනා කරන්න කලින් අපි බලන්න ඕනෙ ඒ චෝදනා සත්‍යයද කියලා. අපිට පොඩි කාලයක් දෙන්න ක්‍රිකට් ආයතනයේ චෝදනා පිළිබඳව විමර්ශනය කරලා එහි සත්‍ය අපි කියන්නම්”
ක්‍රිකට් නිලවරණය සඳහා සංගම් 142 කට ඡන්දය තිබෙන බවත් ඒ පිළිබඳව ප්‍රතිපත්තිම තීරණයක් ගැනීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.
"ක්‍රිකට් ආයතනයේ නිලවරණ ඡන්ද ලබාදීමේදී සංගම් 142 කට ඡන්ද තියෙනවා. ලෝකයේ අනෙක් රටවල ඡන්ද අටයි නවයයි තියෙන්නේ. ලංකාවේ තමයි මේ ක්‍රියාදාමයක් හැදිලා තියෙන්නේ. අපිට මේ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න වෙනවා. විසිතුන් දෙනෙක් තෝරාගෙන තීන්දු ගන්නකොට කොයි විදියට හරියයිද වරදියිද කියලා ප්‍රශ්න තියෙනවා. 23 දෙනෙක් ඉඳගෙන තීන්දු ගන්න ස්ථාන ලෝකෙ කොහේවත් නෑ.
පසුගිය කාලෙ එක නිලවරණයකට පෙර ප්‍රමිතියක් නැතිව රුපියල් මිලියන දෙසිය හැත්තෑවක් මාස හතරක් ඇතුළත බෙදලා. මම කාගෙවත් මූණ බලලා තීන්දු ගන්නෙ නැහැ. හැමෝටම එක විදිහට නීතියට වැඩ කරනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.