එංගලන්තයේ ප්රාන්ත ක්රිකට් තරගාවලියක් වන නොදර්න් ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා මෝර්කේම්බ් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්රී ලංකාවේ පිට දඟ පන්දු ක්රීඩක සුරාජ් රන්දිව්ට වරම් උදාවී තිබේ.
ඒ 2016 වසර සඳහා විදෙස් ක්රීඩකයන් තෝරාගැනීමේ නව කොන්ත්රාත් පදනම යටතේය. මෝර්කේම්බ් කණ්ඩායමේ නායක ජෝස් ඩික්සන් සුරාජ් තෝරාගැනීම පිළිබඳව පවසා තිබුණේ, එය තම කණ්ඩායමට සුවිශාල ජයග්රහණයක් බවත් සීත ඍතුවේදී තම කණ්ඩායම ගොඩනැංවීමට එය සුවිශාල රුකුලක් බවත්ය.
රන්දිව් මෙම තරගාවලිය පුරා පිත්තෙන් හා පන්දුවෙන් දැක්වූ දක්ෂතා මත 2016 වසර සඳහාද ඔහුගේ සේවය ලබාගත් බව කණ්ඩායම් කළමනාකාරීත්වය ගාඩියන් පුවත්පතට පවසා තිබේ.
රන්දිව් පිතිකරුවෙකු ලෙස ලකුණු 762 ක් ලබා ඇති අතර, එම තරගාවලියේ වැඩිම කඩුලුලාභියාද වේ.