සුපිරි T20 තරගාවලියේ ඉදිරියට ගිය කණ්ඩායම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පන්දුවාර විස්සයි20 පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හම්බන්තොට ටෘපර්ස්, කොළඹ කමාන්ඩෝස්, ගාල්ල ගාඩියන්ස් හා කුරුණෑගල වොරියස් කණ්ඩායම් ඊයේ (01දා) සමත්විය.
ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම හා ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිටින කුරුණෑගල වොරියස් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය ආර්. ප්‍රේමදාස පිටියේදි 03දා උදෑසනත්, ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන කොළඹ කමාන්ඩොස් කණ්ඩායම හා තෙවැනි ස්ථානයේ පසුවන ගාලු ගාඩියන්ස් කණ්ඩායම අතර තරගය එදිනම සවස ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වීමට නියමිතය.
ඊයේ (01දා) පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට මහනුවර කෘසේඩර්ස් හා හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම් සමත්විය. මෙම තරගාවලියේ කෘසේඩර්ස් කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. අවසන් මහා තරගය 05දා පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

