සී.එච්., නාවුක හා යුද හමුදා, ජයග්රහණ වලින් තරගාවලිය අවසන් කරයි
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ තමන් සහභාගි වූ අවසන් තරග වලින් ජයග්රහණ වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්. සී., නාවුක හමුදා හා යුද හමුදා කණ්ඩායම් සමත් විය.
ඒ තරගාවලියේ දහහතර වැනි හෙවත් අවසන් සතියේදී පැවති තරග වලින් ජයග්රහණ වාර්තා කරමිනි.
එහිදී කොළඹ පොලිස් පිටියේදී පැවති තරගයෙන් සත්කාරක පොලිස් කණ්ඩායම පරදා ලකුණු 43-36 ක තියුණු ජයක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර රත්මලාන ගුවන් හමුදා පිටියේදී ගුවන් හමුදා කණ්ඩායම ලකුනු 50-28 ක් ලෙස පරාජය කිරීමට ගුවන් හමුදාව සමත් විය. මේ අතර මෙම සතියේ බොහෝ දෙනාගේඅවධානයට යොමු වූ පැරණි ප්රතිවාදීන් වන සී.එච්. ඇන්ඩ් එෆ්. සී හා සී.ආර්.ඇන්ඩ් එෆ් සී. අතර තරගයෙන් ලකුනු 25-24 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම සමත් විය.
ඒ සමගින් කණ්ඩායම් දෙක අතර වාර්ෂික නිසාම් හාජි ඕමාර් ශූරතා කුසලානය තමන සතු කර ගැනිමට සී.එච්. කණ්ඩායම මෙවර සමත් විය.
සී.එච් - සී.ආර්. අතර තරගයේ අවස්ථාවක්
ඡායාරූප- ඕෂිත වරකපිටිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



















