සංචාරක කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වර්ශාව හේතුවෙන් අත්හැර දීමට තරග තීරක කටයුතු කළේය.
ඒ අනුව නැවතත් හෙට දිනයේදී පෙ.ව. 9.45ට තරගය ආරම්භවීමට නියමිතය. ලකුණු 244ක ජයග්රාහී ඉලක්කයක් හඹායමින් සිටින කොදෙව් කණ්ඩායම ඊයේ (24දා) අයහපත් කාලයගුණය හේතුවෙන් තරගය නිමා කරන විට එක් කඩුල්ලට ලකුණු 20ක් රැස්කගෙන සිටියි.
ඒ අනුව තරගයේ ජයග්රහණය සඳහා කොදෙව්වන්ට හෙට දිනයේදී තවත් ලකුණු 224ක් රැස්කරගත යුතුවෙයි. තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්රී ලංකා කණ්ඩායමයි.
ඡායාරූප ශාන්ත රත්නායක