සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ නෙල්සන් පිටියේ පැවැති සිවුවැනි එක්දින තරගය වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
තරගය ආරම්භයේ පටන් වර්ශාවෙන් බාධා ඇති වූ අතර පසුව එය පන්දුවාර 24ට සීමා කර නැවතත් තරගය ආරම්භ කළත් නැවතවරක් තරගයට වර්ශාවෙන් බාධා ඇතිවිය. එහිදි පන්දුවාර 9ක් ක්රීඩා කළ අතර පන්දුවට පහර දෙමින් සිටි නවසිලන්ත කණ්ඩායම කඩුලු තුනට ලකුණු 75ක් රැස්කරගෙන සිටියේය. පස්වැනි තරගය ජනවාරි 05දා පැවැත්විමට නියමිතය.
කෙසේ වෙතත් මේ වන විට තරග 2-1ක් ලෙස තරාවලියේ ඉදිරියෙන් පසුවෙන්නේ නවසීලන්ත කණ්ඩායමයි.