තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම පරාජය කර සුපිරි පන්දුවාර විස්සයි20 පළාත් ක්රිකට් තරගාවලියේ අද (03දා) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් කොළඹ කමාන්ඩෝස් කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ ටෘපර්ස් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 165 ක ජයග්රාහී ඉලක්කයට පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොළඹ කමාන්ඩෝස් කණ්ඩායම තරගයේ 16 වැනි පන්දුවාරයේදී කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 38කදී ලකුණු 72ක් රැස්කළේය.
කොළඹ කමාන්ඩෝස් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් හම්බන්තොට ටෘපර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 164 ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි සීක්කුගේ ප්රසන්න වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දු 30කදී ලකුණු 52කින් ඉනිමට දායක කළ අතර, ඔහු සමගින් ඉනිම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 42කදී ලකුණු 44 ක් රැස්කිරීමට සමත්විය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 61කදී ලකුණු 90 ක් රැස්කළේය.
කෙසේ නමුත් ඔවුන් දෙදෙනා දැවී යාමත් සමග වේගයෙන් ගොඩනැගුණු ඉනිම පාලනය වූ අතර, පසුපෙළ පිතිකරුවන් වූ ප්රියමාල් පෙරේරා (16) හා ඩිල්රුවන් පෙරේරා (14) ඉනිම් හැරෙන්න වෙනත් කිසිඳු පිතිකරුවෙකුට අඩුම ලකුණු දහයේ සීමාව වූ පසුකිරීමට නොහැකි විය.
ක්රික්ඉන්ෆෝ ලකුණු පුවරුව