ආබාධයට ලක්වූ ලසිත් මාලිංගගේ ස්ථානයට සංචිතයට එකතු වූ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමේ සිටිය යුතු පා දඟ පන්දු යවන්නෙකු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (20දා) රාත්‍රියේ පැවසීය. බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී කොදෙව් කණ්ඩායම හමුවේ කඩුලු 07 ක පරාජයක් ලැබීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මැතිව්ස්, වැන්ඩසේගේ පන්දු යැවීම අගය කරමින් මෙසේ පැවසීය.
"ඔහු ඊයේ (පෙරේදා) රාත්‍රී කණ්ඩායමට එකතු වුණේ. වැන්ඩසේ ඉතාමත් විශිෂ්ට ලෙස පන්දු යැව්වා. ඔහු කණ්ඩායමට ඉතාමත් වැදගත් පා දඟ පන්දු යවන්නෙකු බවට පත්වුණා”.ලෝක කුසලාන තරගාවලියේ ඉදිරිය පිළිබඳව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.
"අපිට ඊළඟ තරගයට දින පහක් විතර තියෙනවා. එහිදී හොඳ සැලැස්මක් දාලා, සියලුම අංශවලින් හොඳින් පුහුණුවීම් කරලා ඒ තරග දෙක ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. නායකයා හැටියටත්, කණ්ඩායමක් හැටියටත් තරග පරාජය වනවිට පීඩනය ගොඩක් වැඩියි. අපි හොඳින් ක්‍රීඩා නොකළම පීඩනය වැඩියෙන් එල්ල වෙනවා. විශේෂයෙන් ලෝක කුසලානයකදී කරන්න දෙයක් නෑ, මේකෙන් ගොඩ එන්න ඕනේ. සියලු දේ අවසන් නෑ. අපි එක තරගයයි පැරදුණේ, තව තරග දෙකක් ඉතිරිව තිබෙනවා. ඒ තරග දෙක ජය ලබා අවසන් පූර්ව තරගයට යන්න පුළුවන්”.
යොහාන් භාසුර ඉන්දියාවේ බැංගලෝර් සිට