තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා
(UPDATE) ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හි පැවැත්වෙන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ. බුලවායෝ ක්රීඩා පිටිය ජලයෙන් පිරී තිබේ.
මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 13.3කදී කඩුලු දෙකට ලකුණු 55ක් රැස්කරගෙන සිටියි.
.jpg)
වර්ෂාව නැවතීම හේතුවෙන් තරගය යළිත් ආරම්භ විය. පළමු තරග දෙකට ක්රීඩා කළ ෂෙහාන් ජයසූරියට හා ණුවන් ප්රදීප්ට මෙම තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ. ඒ වෙනුවට දසුන් ශානක හා ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට කැඳවා ඇත.
සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ.
සිම්බාබ්වේ,කොදෙව්, ශ්රී ලංකා තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර බුලවායෝ හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

