ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ගාල්ලේදී පසුගියදා (17දා) නිමාවට පත්වූ පළමු ටෙස්ට් තරගයේදී තෙවැනි වරටත් පන්දුව දමාගසන බවට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට චෝදනා එල්ල වී තිබේ.
34 හැවිරිදි දකුණත් පිටදඟ පන්දු යවන සැමුවෙල්ස්, ඒ අනුව තම පන්දු යැවීම නිවැරැදි බවට සනාථ කිරීමට දින 14 ක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇත. කෙසේ නමුත් එම කාලය තුළදී ඔහුට පන්දු යැවීමේ කිසිදු බාධාවක්ද නොමැති බව අයි.සී.සී.ය නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
ඔහු මීට පෙර 2008 වසරේ දකුණු අප්‍රිකානු සංචාරයේදී හා 2013 වසරේ ඉන්දීය තරග සංචාරයේදී පන්දුව දමාගසන බවට චෝදනා එල්ල විය. කෙසේ නමුත් එම අවස්ථා දෙකේදීම ඔහුට එම චෝදනාවන්ගෙන් නිදහස්වීමට හැකිවිය.