2016 වසරේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම් තේරීම වෙනුවෙන් පැවැති තරගාවලියේ සම ශූරතාව දිනාගැනීමට අයර්ලන්තය හා නෙදර්ලන්තය සමත්විය.
මෙම කණ්ඩායම් දෙක අතර අවසන් තරගය ඊයේ (26දා) අයර්ලන්තයේ ඩබ්ලින්හිදී පැවැත්වීමට නියමිතව තිබූණද වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ ක්රීඩාකිරීමට නොහැකි විය. ඊට අමතරව තෙවැනි ස්ථානය සඳහා අයර්ලන්තය හා හොංකොං අතර පැවැත්වීමට නියමිත තිබූ තරගයද වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් එම තරගයද ක්රීඩාකිරීමට නොහැකි විය. කෙසේ නමුත් මෙම කණ්ඩායම් සියල්ලම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීය.
ස්කොට්ලන්ත (ප්රෙස්ටන් මොම්සන්) හා නෙදර්ලන්ත (පීටර් බොරෙන්) නායකයන් දෙපල කුසලානය අතැතිව