ඉන්දීය වමත් වේගපන්දු ක්‍රීඩක සහීර් ඛාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ප්‍රකාශයට පත්කර තිබේ. බී.බී.සී පුවත් සේවයට අදහස් දක්වමින් සහීර් පවසා ඇත්තේ, තමාගේ ශාරීරික යෝග්‍යතාව නූතන ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව යහපත් මට්ටමක නොමැති හෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට අදහස් කළ බවයි.
37 හැවිරිදි සහීර් වැඩිදුරටත් අදහස් දක්වමින්, "සෑම තරගාවලියක් අරබයාම මම පුහුණුවීම් කළා. නමුත් මගේ උරහිසේ ආබාධය මගේ බලාපොරොත්තු සුන් කළා. දවසට පන්දුවාර 18 ක් යැවීමටවත් මට නොහැකියි. ඒ නිසා සමුගැනීමට සුදුසුම කාලය මෙයයි" යනුවෙන් පැවසීය.
සහීර් ඛාන් අවසන් වරට ඉන්දියාව නියෝජනය කරමින් ටෙස්ට් තරගයකට සහභාගී වී ඇත්තේ 2014 වසරේ පෙබරවාරි මාසයේදී නවසීලන්තයට එරෙහිවයි. එහිදී ස්නායු ආබාධයකට ලක්වූ සහීර්ට නැවතත් ඉන්දීය ජාතික කණ්ඩායමට දොරටු විවෘත නොවීය. කෙසේ වෙතත් ඔහු ජාත්‍යන්තර හා පළමු පෙළ තරගවලින් සමුගත්තද ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවේ.
සහීර් 2011 ඉන්දීය ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකු වන අතර, ටෙස්ට් තරග 92 කදී කඩුලු 311 ක්ද, එක්දින තරග 200 කදී කඩුලු 282 ක්ද විස්සයි20 තරග 17 කදී කඩුලු 17 ක්ද දවාගෙන තිබේ.