ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්නගේ හා හිටපු ටෙස්ට් ක්‍රීඩක උපුල් චන්දනගේ සහාය ක්‍රිකට් ආයතනය විසින් ලබාගෙන තිබේ. ඒ අනුව හෂාන් තිලකරත්නට සයිමන් විලිස් (ශ්‍රී ලංකා ක්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීමේ කළමනාකරු) යටතේ පිතිකරණ පුහුණු ධුරයද, උපුල් චන්දනට දඟපන්දු හා පන්දු රැකීමේ පුහුණුකරු ධුරයද පවරා තිබේ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම, සංවර්ධන සංචිතය, 19න් පහළ සංචිතය ඇතුළු මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් සංචිතවල ක්‍රීඩක දක්ෂතා ඉහළ නැංවීම මින් ඉදිරියට සයිමන් විලිස්ගේ අධීක්ෂණය යටතේ හෂාන් තිලකරත්නට හා උපුල් චන්දන වෙත පැවරේ. මීට පෙර සයිමන් විලිස් යටතේ ක්‍රීඩක දක්ෂතා වර්ධනය කිරීම සඳහා වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් බඳවාගෙන තිබිණි.