තම ආබාධ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට හැකි වෙතැයි තමන් විශ්වාස නොකරන බවත් කෙසේ වෙතත් එත් සමගින් තමන්ගේ අනාගතය කළමනාකරණ්ය කර ගැනීමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
ඊයේ පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග මෙම ලෝක කුසලානයෙන් පසුව විස්සයි20 පිටියෙන් සමුගන්නවාද යනුවෙන් මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් සඳහන් කළේය.
"මම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට වසර 12ක පටන් ක්‍රීඩා කරනවා. මට දැන් අවුරුදු 32ක්. මට තිබෙන ආබාධයට විවේකයක් ගන්නත් අමාරුයි. මම වසරක් හෝ දෙකක් විවේක ගත්තොත් ඒක මගේ ක්‍රීඩා දිවියේ අවසානය වේවි. මම හිතන්නේ නෑ මගේ මේ ආබාධය සුව වේවි කියා. එත් මම එක් කළමනාකරණ්ය කර ගන්නවා.
මම දන්නේ කොපමණ කාලයක් මම ක්‍රීඩා කරාවිද කියා. මගේ උපරිමයෙන් ජාතික කණ්ඩායමට හා ඉන්දීය ප්‍රිමියර් ලීගයට තරග කිරීමට උත්සාහ කරනවා. මගේ උපරිමයෙන් මට පුළුවන් තාක් කාලයක් ක්‍රීඩා කිරීමට තමයි බලන්නේ."
-